Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025

ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි

May 14, 2025

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අමෙරිකාවේ Institute for Security Governance හි නිලධාරීන් හා, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රධානීන් අතර හමුවක්
Sri Lankan news

අමෙරිකාවේ Institute for Security Governance හි නිලධාරීන් හා, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රධානීන් අතර හමුවක්

kumudikaBy kumudikaJanuary 17, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකා එක්සත් ජනපදයේ Institute for Security Governance හි නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් පසුගියදා කොළඹ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාව හමුව තිබුණි.

එමෙන්ම මෙම නියෝජිත පිරිස එදිනම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ද හමුවීම විශේෂය.

එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක Institute for Security Governance මගින් මෙරට ත්‍රිවිධ හමුදාවේ මෙන්ම, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය, ජාතික ආරක්‍ෂක විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ඇතුළු ආයතන ගණනාවක් සමඟ දැනට ක්‍රියාත්මක හැකියාවන් සහ ධාරිතාවන් තවදුරටත් ඉහළ නැංවීමේ වැඩසටහන්වල ව්‍යාපෘති ඇගයීම, සමාලෝචනය සහ සංවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සමඟින් වෙන් වෙන්ව පැවති මෙම සාකච්ඡාවන්ට සහභාගී වූ එක්සත් ජනපද නියෝජිත පිරිසට ඉන්දු-පැසිෆික් කලාපීය වැඩසටහන් ප්‍රධානි Michael Rembold, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධීකාරක Matt Ashley, නියෝජ්‍ය සම්බන්ධිකාරක Daniel Simpson, විෂයානුබද්ධ විශේෂඥ සහ අමෙරිකානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමේ කණ්ඩායම් ප්‍රධානි Oscar De Soto, කොළඹ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Tony Nelson සහ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී කමාන්ඩර් Sean Lin ඇතුළත් වුහ.

දෙපාර්ශවයේ සහයෝගී ප්‍රයත්නයන් මෙන්ම, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා වන උත්සාහයන් පිළිබඳ මෙම සාකච්ඡා ඔස්සේ අවධාරණය කර තිබුණා. මෙම සහයෝගීතාවන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රමුඛතා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳ වටිනා අවබෝධයක් ලබාදී ඇති අතර, එමඟින් අනාගතයේ වඩාත් සැලකිය යුතු හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කෙරෙනු ඇත.

කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා වූ හවුල් කැපවීම අවධාරණය කරමින් අනාගත සහයෝගීතා ප්‍රයත්නවල අවශ්‍යතා ද මෙම සාකච්ඡාවලට ඇතුළත් වේ. ආරක්‍ෂක අංශයේ අන්‍යෝන්‍ය වර්ධනය සහ අවබෝධය වර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර කල්පවත්නා හවුල්කාරිත්වය මෙම රැස්වීම් මගින් යළිත් අවධාරණය කරන ලද බව ආරක්‍ෂක අමාත්‍යංශය පෙන්වා දෙයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහම්බන්තොටට නව තෙල් පිරිපහදුවක් – ආයෝජනය ඩොලර් බිලියන 3.7 ක්
Next Article ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ දෙකකින් පහලට
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025

ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි

May 14, 2025

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.