Taste Of Dubai Food Festival ලබන මාසයේදී නැවතත් පැවැත්වීමට නියමිතය. එළඹෙන පෙබරවාරි 14 වන සිකුරාදා සිට පෙබරවාරි 16 ඉරිදා දින දක්වා, විවිධ ආහාර පාන ඇතුලත් Taste Of dubai උත්සවය පැවැත්වීමට සූදානම් වේ.
ඩුබායි මීඩියා සිටි ඇම්ෆිතියටර් විසින් සංවිධානය කරන මෙම ඉසව්ව සඳහා 25,000 ක පමණ නරඹන්නන් ආකර්ෂණය කරගනු ඇත.
දින තුනක් පුරා පැවැත්වෙන මෙම ආහාර උත්සවය සඳහා ප්රවේශපත්ර දැන් ඩොලර් 75 සිට ලබා ගත හැකියි. අන්තර් ජාලය හරහා ප්රවේශ පත් මිලදී ගැනීමේ අවස්ථාව දැන් විවෘතය. ඩුබායි නගරයේ ඇති හොඳම ආහාර වර්ග සහිත අවන්හල් රැසක් මෙම උත්සවය සඳහා තෝරාගෙන තිබේ.
සෑම ආපනශාලාවක්ම ආහාර වර්ග තුනේ සිට පහ දක්වා මෙනුවක් විශේෂයෙන් සකස් කරනු ඇත.
උත්සවය සඳහා අවුරුදු 12 ට අඩු ළමයින් නොමිලේ පිළිගනු ලබන අතර සජීවී සංගීත කලාප දෙකක්, ඉවුම් පිහුම් වැඩමුළු සහ VIP විවේකාගාරය සමඟින්, උත්සවය රසගැන්වීමට නියමිතය.
මේ සඳහා මෙතෙක් ඇතුලත් වී ඇති අවන්හල් 12 කි.
• City Social
• Demon Duck
• Goldfish Sushi & Yakitori
• Harummanis
• Indya by Vineet
• Leña
• Maya by Richard Sandoval
• Miss Lily’s
• Moti Mahal
• Osteria Funkcoolio
• Rhodes W1