Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ක්‍රිකට් ප්‍රවීණයන්ගේ International League Masters තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් සංඟා ඇතුළු පිරිසක්
sri Lankan special

ක්‍රිකට් ප්‍රවීණයන්ගේ International League Masters තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් සංඟා ඇතුළු පිරිසක්

kumudikaBy kumudikaJanuary 22, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නැංවූ ලොව පුරා ප්‍රවීණයින් සහභාගී වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදෙමින් කුමාර් සංගක්කාර යළි ක්‍රිකට් පිටියට පිවිසෙයි. ඔහු සමඟ ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා ලෙසින් හඳුන්වන සචින් තෙන්ඩුල්කාර්, ඔස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්, එංගලන්තයේ ඉයන් මෝගන්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා හා දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් මේ තරගාවලියේ කණ්ඩායම්වලට නායකත්වය ලබාදෙති.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන ක්‍රිකට් රටවල් හයක හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වන මේ තරගාවලිය ලබන මස 22 සිට මාර්තු 16 දක්වා ඉන්දියාවේ නගර තුනකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මුම්බායි ඩී. වයි. පටෙල් ක්‍රීඩාංගණය, රාජ්කොට් නිරන්ජන් ෂා ක්‍රීඩාංගණය හා රායිපූර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණය මේ තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පෙබරවාරි 22 රාත්‍රී 7ට පැවැත්වෙන අතර, 24 වැනිදා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර, 27 වැනිදා ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර, මාර්තු 2 වැනිදා ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර, මාර්තු 6දා අර්ධ අවසන් තරගය (ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත්නම්) හා මාර්තු 16දා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලට රුමේෂ් කළුවිතාරණ, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, ධම්මික ප්‍රසාද්, ඉසුරු උදාන, තිසර පෙරේරා, දිල්රුවන් පෙරේරා, උපුල් තරංග, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, මහේල උඩවත්ත, නුවන් කුලසේකර හා චතුරංග ද සිල්වා එක් වෙති.

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පාලක කවුන්සිලයක් මඟින් සංවිධාන කෙරෙන අතර, එහි ප්‍රධානියා ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ පුරෝගාමියකු සහ ටෙස්ට් ලකුණු 10,000 ක් රැස් කළ පළමු පිතිකරුවා වූ සුනිල් ගවස්කාර් කටයුතු කරයි. ලීග් කොමසාරිස්වරු ලෙස 1970 සහ 1980 ගණන්වල ක්‍රිකට් ආධිපත්‍යය දැරූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිකට් වීරයෙකු වූ විවියන් රිචඩ්ස් සහ දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වූ ෂෝන් පොලොක් පත්කර තිබේ.

සුනිල් ගවස්කාර් මහතා මේ ලීගය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ක්‍රීඩාවේ සියලු තේජස ප්‍රදර්ශනය කිරීමට පොරොන්දු වන අතර, එයින් ක්‍රීඩාවට සදාකාලික විශිෂ්ටයන් කිහිපදෙනකු එක් කරන බවය. මේ තරගාවලිය ක්‍රීඩාවේ ජීවගුණය මෙන්ම විනෝදාස්වාදය සපුරාලන ප්‍රමුඛ වේදිකාවක් වනු ඇති බවට ගවස්කාර් මහතා සහතිකයක් ලබා දුන්නේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA ඩුබායි හි ගෝලීය ස්ථාවරය ඉහළ නැංවීම සඳහා 2030 තිරසාර රාමුව දියත් කරයි
Next Article කින්නියා කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් නැවතත්
kumudika

Related Posts

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.