වසර 1948 සිට සිය සංවි­ධා­නයේ සාමා­ජි­ක­ත්වය දරන අමෙ­රි­කාව ඉන් ඉව­ත්වී­මට ගනු ලැබූ තීර­ණය පිළි­බඳ කන­ගා­ටු­වට පත්වන බවත්, එම තීර­ණය සම්බ­න්ධව යළි සලකා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය නිවේ­ද­නයක් නිකුත් කර­මින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය මේ නිවේ­ද­නය නිකුත් කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සාමා­ජි­ක­ත්ව­යෙන් ඉවත් වන බවට පසු­ගි­යදා අමෙ­රි­කාවේ නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දිවු­රුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ ප්‍රකා­ශ­යට ප්‍රති­චාර දක්ව­මින් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අමෙ­රි­කා­නු­වන් ඇතුළු ලෝක ජන­තා­වගේ සෞඛ්‍යාර­ක්ෂාව ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්ය­භා­ර­යක් ඉටු කරන තම සංවි­ධා­නය ශක්ති­මත් ගෝලීය සෞඛ්‍ය පද්ධ­ති­යක් වෙනු­වෙන් කැපවී සිටින බවත්, හදිසි සෞඛ්‍ය අව­ශ්‍යතා හඳුනා ගැනී­මට සහ වැළැ­ක්වි­මට උප­රිම පිය­වර ගනි­මින් සිටින බවත් එම නිවේ­ද­නයේ සඳ­හන් වේ.

Share.

Comments are closed.

Exit mobile version