Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව ඉවත් කරයි

June 18, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අතහිත
Sri Lankan news

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අතහිත

kumudikaBy kumudikaJanuary 24, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම හමුවේ දී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ මෙන් ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය  මෙන් ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා ඇමරිකානු රජය දක්වන සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙරට ක්‍රියාත්මක නිදහස්  සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ මෙන් ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට  නව රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළේය.

එමෙන් ම මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව දේ‍‍‍‍‍‍ශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ ආයුර්වේදය හා බද්ධ කරමින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද එවැනි විශේෂ සැලසුම් සහගත ව්‍යාපෘති රාශියක් වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.‍

මෙරට තුළ යම් යම් අවස්ථාවන් හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සදහා ඉදිරි දෙවසර තුළ දී මෙරට රජයේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ මෙරට‍ රාජ්‍ය අනුග්‍රහයෙන්  නිෂ්පාදනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත්, මාධ්‍යවේදීන් සදහා වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේ ම ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් තිබීම පිළිබඳව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස්වලට සවන්දුන් ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කරන ලදී.  එම සේවාව අඩුපිරිවැයකින් ලබා දෙන උසස් ම සේවාවක් බව ද ඇය පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා ලබා දියහැකි සහය පිළිබඳවත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසමින් ඇමරිකානු තානාපතිනිය දැනුවත් විය.

මින් පෙර අවස්ථාවන්වලදී මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සදහා අවශ්‍ය සහය මෙන් ම විවිධ ප්‍රදානයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර තිබෙන බව සිහිපත් කළ ජූලි ජේ.චංග් මහත්මිය ජනමාධ්‍ය ක්ෂේත්‍රය සදහා ද අවශ්‍ය ඉදිරි සහය අඛණ්ඩව ලබා දෙන බව ද පැවසීය.

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි දියුණුව ඇති කිරීමට ඇමරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික,දැනුම සහ භෞතික වශයෙන් ලබාදිය හැකි සියලු සහයෝගයන් මෙන් ම උපකාරයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය මෙහි දී අවධාරණය කර සිටියා ය.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ ප්‍රමුඛ වත්මන් රජය ගෙන යනු ලබන නවමු වැඩපිළිවෙළ ඇයගේ විශේෂ ඇගයීමට ද මෙහි දී ලක්විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ඇමරිකානු තානාපති කාර්යාලයේ මහජන කටයුතු පිළිබඳ උපදේශක හයිඩි හැටන්බැක් (Heidi Hattenbach) යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවෙන් පත් කරන තානාපතිවරුන්ට ඉලක්ක ලබා දීමට රජයෙන් සැලසුම්
Next Article එමීර් රාජ්‍යය අබුඩාබි සහ ඩුබායි සම්බන්ධ කරන අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය එළිදක්වයි
kumudika

Related Posts

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව ඉවත් කරයි

June 18, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.