ඩුබායි පාර්ක්ස්හි පළමු රිවර්ලන්ඩ් ඩුබායි ෆුඩ් ෆෙස්ටිවල් අද ආරම්භ විය. ආහාර වර්ග 100කට වැඩි ප්‍රමාණයක් සහ පවුල් සඳහා වෙන්වූ විනෝද ක්‍රියාකාරකම් මාලාවක් මීට ඇතුළත් වේ. 

රිවර්ලන්ඩ් ඩුබායි ෆුඩ් ෆෙස්ටිවල් හි දී ජාත්‍යන්තර ආහාර රැසක් රසවිඳීමේ අවස්ථාව හිමි වේ. T-Rex Adventure Cafe, Viva Ristorante , Al Mashowa, Fluffy Delights වැනි ආහාර සන්නාම රැසකින් රසවතුන් සඳහා ආහාර පිරිනමනු ඇත.  සෑම සති අන්තයකම, සංචාරකයින්ට The Beatles, Ed Sheeran, ABBA සහ තවත් බොහෝ සංගීත කණ්ඩායම් වල සංගීතය රස විඳිමේ අවස්ථාව හිමි වේ.

සෑම සෙනසුරාදාවකම ලේසර් සංදර්ශන සහ විස්මිත මල්වෙඩි සංදර්ශන මගින් නිර්මාණය කරන ලද විචිත්‍රවත් ඉසව් රැසක් පවත්වනු ඇත.
විවිධ මිල ගණන් යටතේ ප්‍රවේශපත්‍ර පැකේජ ලබා ගත හැකියි. ඩිරාම් 50 සිට ඩිරාම් 100 දක්වා ප්‍රවේශ පත්‍ර ඊට ඇතුලත්ය.

Share.

Comments are closed.

Exit mobile version