ලොව නැව් ඉදිකිරීමේ ක්ෂේත්රය තුළ අඛණ්ඩව 15 වැනි වරටත් පළමු ස්ථානය චීනයට ලැබී ඇතැයි එරට CCTV පුවත් සේවය වාර්තා කළේය. ගෝලීය නැව් ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ ශ්‍රේණිගත කිරීම් තුනකින් පළමු ස්ථානයට චීනය පත්වූ බව චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ 2024 වසරේ දත්ත සංඛ්‍යාලේඛනවලින් හෙළි වී ඇතැයි ද වාර්තා වේ. පසුගිය වසරේ ජනවාරියේ සිට දෙසැම්බරය දක්වා ලොව පුරා නැව් ඉදිකිරීම්වලින් 55.7%ක් චීන සමාගම් විසින් සිදු කරනු ලැබූ බව ද එරට CCTV පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
කෙසේ වුවද චීනය නැව් ඉදිකිරීමේ ගෝලීය වෙළෙඳපොළේ වැඩිම කොටස්කරුවා බවට පත්වීම සඳහා නිසි ක්‍රමවේදය භාවිත නොකරන බවට අමෙරිකාව චෝදනා කර ඇති අතර, ට්‍රම්ප් රජයේ පරිපාලනය යටතේ මීළඟ අමෙරිකා – චීන වෙළෙඳ යුද්ධය නැව් ඉදිකිරීමේ ක්ෂේත්රය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සමුද්‍රීය සහ සැපයුම් භාවිතයන් නිසි ක්‍රමවේදයෙන් පහළ මට්ටමක පවතින බව ද අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.