2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘ නරකම කාර්ය සාධනය සහිත මුදල් ඒකකය’ (the worst performing emerging market currency) ලැයිස්තුවට ශ්රී ලංකා රුපියලද එක්ව ඇතැයි බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන ‘ද මෝනිං’ පුවත්පත පවසයි.
2024 දී ඩොලරයට සාක්ෂව ඉහළම වර්ධනය ලැබූ ශ්රී ලංකා රුපියල ජනවාරි මස 1.72% ක් අවප්රමණය වී ඇත. ලංකාවට පසුව ලොව නරකම කාර්ය සාධනය සහිත මුදල් ඒකක ලෙස ආර්ජන්ටිනා (1.46%) හා තුර්කි(0.89%) මුදල් ඒකක දැක්වේ.
2024 දී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 10.85% ක වර්ධනයක් ලැබුණු අතර රු. 300 ට වඩා පහත වැටුණි.