2025 පෙබරවාරි 04  වනදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් එළඹෙන පෙබරවාරි 8 වන සෙනසුරාදා Springdales Dubai School, Al Quos හිදී උත්කර්ෂවත් උළෙලක් පැවැත්වීමට නියමිතය.

මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ ඩුබායි  කොන්සල් ජනරල් කාර්යාලයට අනුබද්ධ සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය විසිනි. සවස 4.30  ට මෙම උත්සවය ආරම්භ වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වය විදහා දක්වමින් ඉදිරිපත් කරන විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ද මීට ඇතුලත්ය. ඒ සඳහා එමීර් රාජ්‍යයේ ස්ථාපිත සියලුම ලාංකේය කලායතන වල දරු දැරියන් සහභාගී වීමට නියමිත අතර මෙම සැමරුම් උළෙලට ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක් එක් වේ යැයි අපේක්ෂා කෙරේ.

Share.

Comments are closed.

Exit mobile version