Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සැඟවූ වත්කම් සෙවීමේ රජයේ වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සහය
Sri Lankan news

සැඟවූ වත්කම් සෙවීමේ රජයේ වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සහය

kumudikaBy kumudikaJanuary 30, 2025Updated:January 30, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රන්චේ හමුවී තිබේ.

නේවාසික නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තුසහගතව සිටින බව ය.

මෙම වර්ෂය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වැදගත් වැඩසටහන් රැසක් දැනටමත් පෙළගස්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය සහභාගීත්වය ඔහු ඉල්ලා තිබේ.

ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය, සාගර සමුළුව, කාලගුණ විපර්යාස සමුළුව, සමාජීය සංවර්ධනය පිළිබඳ වූ සමුළුව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුව ඒ අතර වෙයි.

නව රජය විසින් බලාපොරොත්තු වන සැගවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දීමට සූදානම් බව ද නිත්‍ය නියෝජිතවරයා මෙම සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයාට දන්වා තිබේ.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීම වැදගත් බව ත් ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමෙහිලා රජය ගෙනයන වැඩසටහන්වලට සම්පූර්ණ සහාය දීමට සූදානම් අතර ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට මැදිහත් වන බව ද ඔවුන් අවධාරණය කර ඇත.

මෙරට සමුද්‍ර තීරයේදී බේරාගත් රෝහින්‍යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.

ඔහු තවදුරට ත් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ය.

මෙහිදී පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට පත්කිරීම ඓතිහාසික සිදුවීමක් බව විජිත අමාත්‍යවරයා නේවාසික නියෝජිතයන්ට පවසා ඇත.

එසේම, උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම ඉදිරි කාලයේ තවදුරට ත් කටයුතු කරන බව ත් ශ්‍රී ලංකා පොලීසියට බඳවාගැනීමේ දී සියලු ජාතීන් නියෝජනය වන පරිදි බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇති බව ත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන් නේවාසික නියෝජිතගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධව ඉතා ඕනෑකමින් සොයා බලන බව ඔවුන් පොරොන්දු වී ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදුලි ගාස්තු සංශෝධනයෙන් උද්ධමනය වේගයෙන් පහලට
Next Article අබුඩාබියේ මාර්ග කීපයක් තාවකාලිකව වසා දමයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.