Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක් පිහිටු වීමට සැළසුම්
Sri Lankan news

ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක් පිහිටු වීමට සැළසුම්

kumudikaBy kumudikaJanuary 30, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පුහුණු සංචිතයක් පිහිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජපානයේ IM Japan ආයතනය අතර සාකච්ඡාවකදී තීරණයට එළඹ තිබේ.

ජපානයේ සාත්තු සේවා රැකියා ක්ෂේත්‍රය සඳහා වැඩි පුරප්පාඩු  ප්‍රමාණයක් තිබෙන හෙයින් මෙම තීරණයට එළඹ ඇත.

ශ්‍රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමු කිරිමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහත්වරුන් අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

සාත්තු සේවයට අමතරව අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ද රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා මෙහිදී ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරියේදී ශ්‍රී ලංකාවට වැඩිපුර ජපන් රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට අවශ්‍ය පියවරගන්නා බව කනමොරි හිතොෂි මහතා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට  කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා  IM Japan ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක මසනොබු කොමියා එහි කොළඹ කාර්යාලයේ සාමාන්‍යාධිකාරී හිඩෙටි තමුරා මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleBlueWaters Island ඩිරාම් බිලියන 1 ක වියදමින් ප්‍රතිසංවර්ධනය කරයි
Next Article මෙවර 77 වන නිදහස් දින සැමරුමට ගුවන් යානා භාවිතය පහලට
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.