Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නීතිපතිට ධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි ජනපති කියයි
Sri Lankan news

නීතිපතිට ධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි ජනපති කියයි

kumudikaBy kumudikaFebruary 7, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් ඉවත් වන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

එසේ ඉවත් නොවුනහොත් දෝශාභියෝගයක් ගෙන ඒමට නියමිතව ඇති බවද සඳහන්‍ ය. ඉදිරි දින කිහිපයේ නීතිපතිවරයා ඉල්ලා අස්නොවුනොත් එළවා දැමීමට සූදානමක් ඇති බවද  තවදුරටත් වාර්තා වේ.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඊයේ කැඳවා සාකච්ඡා කර ඇත. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත විකුමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙසට නීතිපති පාරින්ද රණසිංහ විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් මතුව ඇති පසුබිමක් තුළ මෙසේ ජනාධිපතිවරයා ඔහු කැඳවා සාකච්ඡා කර ඇති අතර එහිදී නීතිපති පාරින්ද රණසිංහ ද ඒ පිළිබඳ හේතු දක්වා ඇති බව ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ යැයි සැක කළ චූදිතයන් පිළිබඳව නීතිපතිගෙන් කරුණු විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා පිළිතුරු දී ඇත්තේ අදාළ නඩුව එම ඝාතනයට වගකිවයුතු අය පිළිබඳ නඩුවක් නොව තොරතුරු වසන් කිරීමට අදාළ නඩුවක් බව ය.

ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි නම් නැවත නඩු පැවරිය හැකි බව ද ඔහු ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත්, මීට අදාළ පරීක්ෂණ සිදුකෙරෙන අතරවාරයේ නැවත එකී නිදහස් කළ චූදිතයන්ගේ සාක්ෂි ගැනීම අවශ්‍ය වුවහොත් ඊට ඔවුන් නැවත කැඳවීමට වුවද සූදානම් බව එහිදී නිතිපතිවරයා ප්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද, මේ සිදුවීම මත සමාජය තුළ සහ මාධ්‍යවේදීන් අතර ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා නීතිපති පාරින්ද රණසිංහ වෙත දැඩි අවවාද කොට ගත යුතු පියවර පිළිබඳව වැඩිදුර උපදෙස් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleGovPay හරහා රජයේ ගෙවීම් සිදු කිරීම අද සිට
Next Article ජනාධිපති අරමුදල ගමට යයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.