ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් තත්පර 6.66කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.

මෙම දක්ෂතාව එම තරඟ වාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂ වේ.

මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයක දී ද ඔහු තත්පර 6.69 කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

Share.

Comments are closed.

Exit mobile version