Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සේවක අර්ථසාධක අරමුදල් ලියාපදිංචියට නව ක්‍රමයක්
Sri Lankan news

සේවක අර්ථසාධක අරමුදල් ලියාපදිංචියට නව ක්‍රමයක්

kumudikaBy kumudikaFebruary 9, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත්තේ, ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසයි.

2025 ජනවාරි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බවද කම්කරු කාර්යාලය සදහන් කරයි. සේවකයෙකු සේවයට බැඳුණු දින සිට දින 30 ක කාලසීමාවක් තුළ දී එම සේවකයා සේවක අර්ථසාධක අරමුදල යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම සඳහා 2021.10.12 දිනැති නියෝග මඟින් නව නීතිමය විධිවිධාන හඳුන්වා දී තිබේ.

ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස සිට සාමාජික ලියාපදිංචියට අදාළ නව ක්‍රමවේදය යටතේ සේවකයෙකු ලියාපදිංචි කිරීම දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබූ අතර සියලුම කම්කරු කාර්යාලයන්හි එම තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීම 2024 දෙසැම්බර් මස සම්පූර්ණ කර තිබුණි.

ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල යටතේ සේවකයෙකු බඳවා ගෙන ප්‍රථම මාසය තුළදී ම සේවකයා ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමත් සමඟ එතෙක් සේවකයන් ලියාපදිංචි කර නොතිබූ ආයතන මඟින් සේවකයන් විශාල සංඛ්‍යාවකගේ ලියාපදිංචියට අදාළ ඉල්ලීම් කම්කරු කාර්යාලයන් වෙත ඉදිරිපත් වීම සිදු විය.

කම්කරු කාර්යාලය සඳහන් කරන්නේ, ඉහත තත්වය සැලකිල්ලට ගෙන ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන කම්කරු කාර්යාල බල ප්‍රදේශවල පිහිටි ආයතන මඟින් නව ලියාපදිංචියට අදාළව අයදුම්පත් භාරගැනීම එක් එක් ආයතන මඟින් පමණක් සිදු කිරීම අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, සේවකයන් තනි තනි වශයෙන් කාර්යාල වෙත පැමිණීම වෙනුවට කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ලබන නියමිත දිනයක දී හා නියමිත වේලාවක දී අදාළ සේවකයා නියමිත කම්කරු කාර්යාලය වෙත යොමු කිරීම සිදු කරන මෙන් කම්කරු කාර්යාලය ඉල්ලා සිටියි.

1. උතුරු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 11, 12, 13, 14, 15 ප්‍රදේශ සහ කැලණිය සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

2. මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 07, 08, 09, 10 ප්‍රදේශ සහ කොලොන්නාව සහ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

3. නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 03, 04, 05 ප්‍රදේශ සහ කඩුවෙල සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

4. බටහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 06 ප්‍රදේශය සහ දෙහිවල සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

5. දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 01, 02 ප්‍රදේශ සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය)

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපෙබරවාරියේ සංචාරක පැමිණීමෙන් යළිත් වාර්තාවක් තබයි
Next Article ජනවාරියේ විදෙස් ශ්‍රමිකයන් ඩොලර් මිලියන 573 ක් එවයි
kumudika

Related Posts

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.