රික්ටර් මාපාංක ඒකක 7.6ක භූ කම්පනයක් කැරිබියන් දූපත් ප‍්‍රදේශයේ ඇතිව තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එහි කේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 පමණ දුරින් පිහිටි බවය.
මේ නිසා රටවල් කිහිපයක් සඳහා හදිසි සුනාමි අනතුරු ඇඟවීම් තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.
මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.