Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වාහන එකලස් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක්
Sri Lankan news

වාහන එකලස් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක්

kumudikaBy kumudikaFebruary 10, 2025Updated:February 10, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඉකුත් 08 වැනිදා  ජා-ඇල, උතුරු බටගම පිහිටි දේශීයව එකලස් කෙරෙන යතුරු පැදි සඳහා වයර් හානස් ( Wire Harness ) නිපදවන ඇකොලේඩ් වෙන්චර්ස් (Accolade Ventures) කර්මාන්තශාලාව, මෝටර් රථ සඳහා අමතර උපාංග නිපදවන එෆ්.ආර්.පී. ටෙක්නොලොජීස් (FRP Technologies ) කර්මාන්ත ශාලාව, මෝටර් රථ හා යතුරුපැදි සඳහා ආසන හා කවර ඇතුළත්  උපාංග නිපදවන ඔටෝ ෆෝම් (Auto Foam) කර්මාන්තශාලා ත්‍රිත්වය නිරීක්ෂණය සඳහා එක්වෙමිනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විට දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා 17ක්, වාහන උපාංග නිපදවන කර්මාන්ත 78ක් පවතින බවත් එම කර්මාන්ත හරහා සෘජු හා වක්‍ර රැකියා 20 000කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ වනවිට මෝටර් බයිසිකල් එකලස් කිරීමේදී 60% පමණ අගයක් දේශියව එකතුවන අතර මෝටර් රථවලට 25%ක පමණ අගයක් එකතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

TVS, BAJAJ, Hyundai, Proton, Cherry, JMC, Beijing වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් ලංකාව තුළ මේ වන විට එකලස් වන බව පවසන අමාත්‍යවරයා එමඟින් ඩොලර් මිලියන 450ක පමණ විදේශ විනිමයක් ලැබෙන බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ඇකොලේඩ් වෙන්චර්ස් සමූහ සමාගමේ උප සභාපති ආචාර්ය ජෙරී ජයවර්ධන මහතා, ඇකොලේඩ් වෙන්චර්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන් මහතා, එෆ්.ආර්.පී. ටෙක්නොලොජීස් සමාගමේ සාමාන්‍යාධිකාරී දයාන් පීරිස් මහතා, අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් (Ideal Industries Limited) සමාගමේ සාමාන්‍යාධිකාරී ආසිරි විජයසේන මහතා, ටී.වී.එස් සමාගමේ (TVS Lanka Private Limited) ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා, තන්ත්‍රී ට්‍රේලර්ස් (Tantri Trailers) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රී මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ජනාධිපති අද ඩුබායි වෙත පැමිණෙයි
Next Article 2025 වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ තුනක් ශ්‍රී ලංකාවට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.