Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»කැන්ගරුවන් පරදා සිංහයන් ජය ගනී
Sports

කැන්ගරුවන් පරදා සිංහයන් ජය ගනී

kumudikaBy kumudikaFebruary 12, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් අද (12) පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 215ක පහසු ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇලෙක්ස් කේරී (41), ආරොන් හාඩි (32) පිත්තෙන් දක්ෂතා දැක්වූවත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.
ශ්‍රී ලංකා ජයග්‍රහණයට ආරම්භය දුන් අසිත ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු ඉනිමට ලකුණු 7ක් එක්වද්දී ආරම්භක පිතිකරු යුගළම ක්‍රීඩාගාරයට හරවා යැවීමට කටයුතු කළේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46කදී සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස්කළේය.

ශ්‍රී ලංකාවටද සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ගේ කඩුලු 5ක් ලකුණු 55ක් තුළ බිඳවැටුණි. එමෙන්ම ඉනිමේ 8වැනි කඩුල්ල බිඳවැටෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්ව තිබුණේ ලකුණු 135ක් පමණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ සම්පූර්ණ වගකීම ගත් නායක චරිත් අසංලක අගනා ලකුණු 127ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම තරගයක් ලබාදිය හැකි ලකුණු පුවරුවක් දක්වා ඔසවා තැබීමට කටයුතු කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleICP වෙබ් අඩවිය ප්‍රතිසංස්කරණය කරමින් ඊ-වීසා සේවා වේගවත් කිරීම සඳහා නව විශේෂාංග එළිදක්වයි
Next Article රජය භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක් නිර්මාණය කිරීමට සැරසෙයි
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.