Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා ජනාධිපති සහ අලි බබා සමූහ ව්‍යාපාරයේ සම නිර්මාතෘ අතර හමුවක්
Sri Lankan news

ශ්‍රී ලංකා ජනාධිපති සහ අලි බබා සමූහ ව්‍යාපාරයේ සම නිර්මාතෘ අතර හමුවක්

kumudikaBy kumudikaFebruary 14, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව අතරතුර පසුගිය 12වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක අලිබබා සමූහ ව්‍යාපාරයේ සමනිර්මාතෘ මෙන්ම එහි සභාපති ජෝසප් සී. සායි (Joseph C. Tsai) හමුවී තිබේ.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අලිබබා සමූහ ව්‍යාපාරයේ සහාය ලබාදීමට සූදනම් බව ජෝසප් ටී. සායි මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සඳහන් කර ඇත.

ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් අලිබබා ආයතනයට මනා පරිචයක් පවතින බවත් එම දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට තමන් සූදානම් බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වෙන් වූ ඩිජිටල් අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති බවත් පෙන්වා දී ඇත.

ඩිජිටල් ගෙවීම් වේදිකාවක් ඇති කිරීමටත් මානව සම්පත ඩිජිටල්කරණය සඳහා සූදානම් කිරීමටත් වත්මන් රජය කඩිනමින් කටයුතු කරගෙන යන බවද එහිදී ජනාධිපති සඳහන් කර තිබේ.

අලිබබා සමූහ ව්‍යාපාරයේ කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පිළිබඳවත් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම තුළින් ආර්ථිකයේ සීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට ඇති හැකියාව පිළිබඳවත් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට බඳුන් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්ද මෙම සාකච්ඡාවට එක් වී තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිශේෂ ස්ථාන වල වාහන නැවැත්වීමේ ගාස්තු පෙබරවාරි 17 සිට පැයකට Dh25 දක්වා වැඩි කෙරේ
Next Article එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් වසන්තය හෙට සහ අනිද්දා
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.