එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වාර්ෂිකව සංවිධානය කරන මහා ක්‍රිකට් තරඟාවලි රැසක් හෙට (15) සහ ඉරිදා (16) යන දෙදින තුල පැවැත් වීමට නියමිතය.

20 වන වරට සංවිධානය කරන කොළඹ රාජකීය සහ තෝමස් විදුහල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හෙට (15) අජ්මාන් හි Seven District Stadium හිදී පැවැත්වේ.

කොළඹ ආදි ආනන්ද , නාලන්ද සිසුන් විසින් 15 වන වරට පවත්වන Battle Of the Maroons මහා ක්‍රිකට් ගැටුම පැවැත් වෙන්නේ හෙට (15) උදෑසන 10.00 සිට අජ්මාන්හි Royal Ground හිදී ය.

මොරටුව වේල්ස් කුමාර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර 9 වන වරටත් පැවැත්වෙන ආදි සිසු මහා ක්‍රිකට් ගැටුම හෙට (15) දහවල් 1.00 සිට සාජා DC Grounds හිදී පැවැත්වීමට නියමිතය.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය (SLQS) 27 වන වරට සංවිධානය කරන ක්‍රිකට් තරඟාවලිය හෙට (15) Vision Cricket Ground හිදී පැවැත් වේ. උදෑසන 7.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම තරඟාවලිය පැවැත්වෙනු ඇත. මේ සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් 40 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

මහනුවර කිංස්වුඩ් සහ ධර්මරාජ විදුහල් අතර පැවැත් වෙන මහා ක්‍රිකට් සැණකෙළිය ඉරිදා (16) උදෑසන 11.00 සිට සාජා හි English School ground හිදී පැවැත්වීමට සුදානම් වේ.

Share.

Comments are closed.

Exit mobile version