Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රජය බද්දට ලබා දුන් ඉඩම් සංවර්ධන නොකළොත් නැවත රජයට පවරා ගැනීමට යයි
Sri Lankan news

රජය බද්දට ලබා දුන් ඉඩම් සංවර්ධන නොකළොත් නැවත රජයට පවරා ගැනීමට යයි

kumudikaBy kumudikaFebruary 17, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රජයට අයත් ඉඩම් බදු පදනම මත ගෙන ඒවා සංවර්ධනය නොකර අත්පත් කරගෙන සිටින පිරිස් වෙත කඩිනමින් එම ඉඩම් සංවර්ධනය කරන ලෙසත් එසේ නොවුණහොත් බදු පදනම නවතා දමා නැවත එම ඉඩම් රජයට ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමැති, ආචාර්ය චන්දන අබේරත්න මහතා පුත්තලමේදී පැවසීය.

ඇමැතිවරයා මේ බව පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගම් වැදුණු වල් අලි පලවා හැරීම සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

“අලි මිනිස් ගැටුම දරුණු අතට පත් වෙලා බරපතළ ගැටලුක් වෙලා. මේ වන විට මට ලැබුණු තොරතුරු අනුව ආණමඩුව, පුත්තලම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුව, පල්ලම, නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල විවිධ පුද්ගලයන් අක්කර 25 හෝ ඊට වැඩි රජයේ ඉඩම් බදු ලබා ගැනීමෙන් පසු කිසිදු සංවර්ධන කටයුත්තක් නොකර තැබීම මේ ආසන්නයේ ජීවත් වන ජනතාවට බරපතළ ප්‍රශ්නයක් වෙලා.

පළමුව මේ ඉඩම් ලබාගෙන ඇති පිරිස් වෙත අපි සංවර්ධන කටයුතු කරන්න කියලා දැනුම්වත් කරනවා. එසේ නොකරන පිරිස් වෙත අදාළ නීති රීති අනුව නැවත ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. මොකද ගම්මාන ආසන්නයේ මෙවැනි විශාල ඉඩම් මේ වන විට කැලෑ බවට පත් වී වල් අලි රංචු රැඳී සිටීමේ ස්ථාන බවට පත්වෙලා.”

මේ අවස්ථාවට පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි, අජිත් ගිහාන්, ගයාන් ජානක, හිරුණි විජේසිංහ යන ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා සමඟ වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම්වරුන්, ආපදා කළමනාකරණ දිස්ත්‍රික් ඒකකයේ අධ්‍යක්ෂ, ආරක්ෂක අංශ හා තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන පිරිස් එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleInternational Masters League තරඟාවලියට සංගක්කාරගේ නායකත්වයෙන් යුතු සංචිතය නම් කරයි
Next Article අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි – තවත් සහන රැසක්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.