Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාස්පෝට් පෝලිමේ සැළකිය යුතු අඩුවක්
Sri Lankan news

පාස්පෝට් පෝලිමේ සැළකිය යුතු අඩුවක්

kumudikaBy kumudikaFebruary 20, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසු ගිය කාලය පුරා විවිධ හේතු නිසා උද්ගතව තිබූ දීර්ඝ කාලීන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයට විසඳුම් ලෙස ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය පැය 24 පුරා විවෘත කිරීමට තීරණය කළ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

මෙම නව වැඩපිළිවෙලත් සමග ඊයේ (19) විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි සේවාලාභීන්ගේ දිගු පෝලිම්වල සැලකිය යුතු අඩු වීමක් නිරීක්ෂණය වූ බවද මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනු ලැබේ.

පසුගියදා(18) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ රාජකාරි දිනයන් තුළ පැය 24 පුරා ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මහජනතාව වෙනුවෙන් සේවා සම්පාදනය සඳහා විවෘතව පවති.

ඊට අනුශාංගිකව සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ හා සේවා සපයන නිලධාරීන්ගේ ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් වෙනුවෙන්ද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය අවධානය යොමු කර අවශ්‍ය පියවර ගෙන තිබේ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා (18) රාත්‍රිය පුරා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලු අංශ නිරීක්ෂණය කරමින් සේවා සපයන නිලධාරීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ මින් ඉදිරියේදී විදෙස් ගමන් බලපත්‍ර හිඟයකින් තොරව නිකුත් කිරීමේ හැකියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින බවත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයදුම්කරුවන් විසින් රැගෙන ආ යුතු ලෙසට දක්වා ඇති සියලු ලේඛනයන් සියල්ල නිසි පිළිවෙලට රැගෙන එන ලෙසය.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛනයන්හි යම් දෝෂ සහගත තත්ත්වයක් හෝ අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වන්නේ නම් එවැනි අයදුම්කරුවන් එම ලේඛන ලබාගත හැකි අනෙකුත් ආයතන විවෘතව පවතින දිවා කාලයන්හිදී එම සේවා ලබාගෙන විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම වෙනුවෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සැදී පැහැදී සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ අයවැය ගැන Fitch Ratings වලින් ඇගයුමක්
Next Article ඩුබායි හි නව Adventure Island, ඩෙයිරා සිටි සෙන්ටර් හි විවෘත වේ
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.