Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආණ්ඩුවේ සුඛෝපභෝගී වාහන ලබන මාසයේ වෙන්දේසියට
Sri Lankan news

ආණ්ඩුවේ සුඛෝපභෝගී වාහන ලබන මාසයේ වෙන්දේසියට

kumudikaBy kumudikaFebruary 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය ආණ්ඩු සමයේ දී දිවයිනට ගෙන්වා තිබූ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වාහන තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට නිම කර තිබෙන බව ද පැවසේ. ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු පසුගිය පාලන සමයන් තුළ මැති ඇමැතිවරු, විශේෂයෙන් සෘජුවම දේශපාලන කටයුතුවලට සම්බන්ධ පිරිස ඇතුළුව විවිධ පුද්ගලයන් භාවිත කරමින් සිටි රජයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් නැවත ලබා ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව විවිධ පුද්ගලයන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ තවත් ස්ථාන කිහිපයක මෙම වාහන ගෙනවිත් දමා ගොස් තිබිණි. ඉතා ඉහළ මිල ගණන් යටතේ මේවා මෙරටට ගෙන්වා ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මේ වාහන වෙන්දේසි කිරීමට තීරණය කෙරිණි.

ඉහළ ඉන්ධන පිරිවැයක් යන එම සුඛෝපභෝගී වාහන වත්මන් රජය, රජයේ කටයුතු වෙනුවෙන් භාවිත කිරීම අත්හිටුවා ඒවා වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව එම වෙන්දේසි කිරීමේ කටයුතු ලබන මාසයේ දී සිදුකෙරේ.

රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ දී වෙන්දේසි කරන බවට පසුගිය 17 දා 2025 අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශයක් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි නව Adventure Island, ඩෙයිරා සිටි සෙන්ටර් හි විවෘත වේ
Next Article යුනිලීවර් සමාගම දකුණු ආසියාවේ විශාලම ආයෝජනය සපුගස්කන්දේ අරඹයි
kumudika

Related Posts

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.