අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරයන පුද්ගලයින් බොහෝ පිරිසක් පාතාල ක්‍රියකාරීන් සමග සම්බන්ධවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (22) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මීට කෙටි කාලයකට පෙර විධානයක් ලබාදුන් බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ එලෙස කෙටි කලක් තුළ අවි පුහුණුව ලබා හමුදාවෙන් පලාගිය තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට සහ පොලීසියට හැකියාව පවතින බවයි.
මේ අතර මෙම මාධ්‍ය හමුවේදී සක්‍රිය සේවයේ සිටින හමුදා සෙබළුන්ද අපරාධකරුවන් සමග සම්බන්ධතා පත්වනවා දැයි මාධ්‍යවේදීන් විමසීය.
ඊට පිළිතුරු ලෙස ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ, ආර්ථික අපහසුතා හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි හේතූන් මත අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වන සෙබළුන් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවය.
ඒ අනුව එම සෙබළුන් හඳුනාගෙන ඔවුන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.