ශුද්ධෝත්තම ෆ්‍රැරැන්සිස් පාප් වහන්සේට සුවය පතා යාඥා කරන්නැයි කතෝලික දේව සභාව වෙනුවෙන් අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සහ සටහන් විශාල ප්‍රමාණයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින හෙයින් කරුණාකර ව්‍යාජ පුවත් බෙදාහැරීමෙන් වළකින මෙන් කිතුනුවන් ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ද පියතුමා ප්‍රකාශ කරයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ මේ අති උත්තම පාප් වහන්සේට අපගේ යාඥාව අත්‍යවශ්‍යම මොහොත බවයි. අතිඋ උත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට අසනීප වී රෝහල්ගතව සිටින බව අපි හැමෝම දන්නා කරුණක්. මේ මොහොතේ උන්වහන්සේට අපගේ යාඥාව අත්‍යවශ්‍යමොහොතකයි අපි රැඳී සිටින්නේ. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ගේ පාප් ධුරය දරන කාලය තුරාවටම මුළු ලෝකයේම සාමය සෙනෙහස වෙනුවෙන් යාඥා කළා. මේ වන විට උන්වහන්සේ රෝගාතුර වී ඉන්නා නිසා අපගේ වගකීම උන්වහන්සේ වෙනුවෙන් යාඥා කිරීමයි. උන්වහන්සේව ඉක්මනින් සුවපත් කර උන්වහන්සේගේ දෛනික කටයුතුවල නිරත වන්නට කතෝලික සභාවේ කාර්යභාරය තුළ උන්වහන්සේ වෙනුවෙන් කළ යුතුව තිබෙන කාර්යභාරය කරන්නට නැවතත් ඉඩ දෙන්න කියලා අපි දෙවිමහෝත්තවයන් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේගේ කැමැත්ත එය නම් එසේ වෙන්නට ඉඩ හරින්නට කියලා අපි උන්වහන්සේට මොර ගහලා යාඥා කරමු යැයිද උන්වහන්සේ පැවැසූහ.

Share.

Comments are closed.

Exit mobile version