Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»තීරු බදු ප්‍රතිපත්තිය මේ වසරේ සිට ක්‍රියාත්මකයි
Sri Lankan news

තීරු බදු ප්‍රතිපත්තිය මේ වසරේ සිට ක්‍රියාත්මකයි

kumudikaBy kumudikaFebruary 25, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ කර්මාන්තකරුවන් කතා කළ තීරුබදු ප්‍රතිපත්තිය (Tariff Policy) මෙම වසරේ ක්‍රියාත්මක වන බව කර්මාන්ත සහ ව්‍යවසාකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධාන කරනු ලැබූ “ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ව්‍යවසායකයින් ඇගයීම සහ දිරිමත් කිරීම” සදහා පවත්වනු ලැබූ සම්මාන උළෙලට පසුගියදා (21) සහභාගී වෙමිනි.

ඒ අනුව මෙම තීරු බදු ප්‍රතිපත්තිය යටතේ අගය එකතු කළ සේවාවන් සහ යෙදවුම් සඳහා අවම මිලක්, බලශක්ති ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක්, ප්‍රවාහනයේ වියදම අඩු කිරීමට වැඩපිළිවෙළක් ඇතුළු දත්ත පිළිබඳ ප්‍රතිපත්තියක් වැනි ව්‍යාපාර ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් පවතින බව ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම, 2025 වසර යනු කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවත්, මෙවර අය වැය මඟින් ව්‍යවසායකයින්ට, කර්මාන්තකරුවන්ට, නිෂ්පාදනයට සහ නවෝත්පාදනයට උපරිම සහය ලබා දීමට උත්සාහ කරන බවත් හෙතෙම කියා සිටියේය.

මෙවර අයවැය මඟින් කර්මාන්ත අමාත්‍යාංශයට සෘජුව රුපියල් කෝටි 1300ක් (බිලියන 13ක්) ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් වක්‍රව තවත් රුපියල් කෝටි 1400ක (බිලියන 14ක) මුදලක් වෙනත් අමාත්‍යාංශ හරහා වෙන් කර ඇත්තේ නිෂ්පාදනය සහ අපනයන වැඩි කිරීමට බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තීරුබදු ප්‍රතිපත්තිය (Tariff Policy) යනු රටක් අභ්‍යන්තරයට ආනයනය කරන භාණ්ඩ හා සේවා මත යොදන බදු සහ අදාළ නීතිමය රාමුවයි. මෙය රජය විසින් ආර්ථිකය සුරක්ෂිත කිරීම, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම, ආදායම් උපයා ගැනීම, සහ වෙළඳපළ පාලනය කිරීම සඳහා භාවිත කෙරේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි නාවික ප්‍රජාවට ඔන්ලයින් මැරීන් රියදුරු බලපත්‍ර පිරිනමයි
Next Article අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දේශනයක
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.