තායිලන්තයේ පැවති 2025 – ලෝක සම්භාහන තරගාවලියට (Universal Massage Championship – 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රනීත් ලසන්ත එම තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පළමු වරට සම්භාහන ක්ෂේත්‍රයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඔහු ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

World Massage Federation මගින් සංවිධානය කළ මෙම තරගාවලිය,තායිලන්තයේ චියන් රායි (Chiang Rai ) නුවර ඉකුත් 02/26 දින සිට 02/28 දින දක්වා ලෝකයේ රටවල් 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනකුගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට මෙම තරගාවලියට සහභාගී වූ ප්‍රනීත් ලසන්ත එහි Spa and Wellness ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පළමු වරට ලෝක සම්භාහන තරගාවලියක දී රිදී පදක්කමක් දිනා දීමට සමත් විය.

Share.

Comments are closed.

Exit mobile version