බට­හිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩා­යම හමුවේ දෙවැනි අව­සන් පූර්ව තර­ග­යේදී ලකුණු 6කින් පරා­ජය වීම හේතු­වෙන් ජාත්‍ය­න්තර ප්‍රවී­ණයන්ගේ ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යට එක්වීමේ අව­ස්ථාව අහිමි කර ගැනී­මට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩා­ය­මට සිදු විය.

රායි­පූ­ර්හිදී පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් කොදෙව් පිල ලකුණු 179ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩා­ය­මට ඕවර 20 අව­සා­නයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි­වූයේ ලකුණු 173ක් පමණි.

අසේල ගුණ­රත්න පන්දු 42කින් ලකුණු 66ක් රැස් කර­මින් ශ්‍රී ලංකා කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කරා ගෙන­යෑ­මට උත්සාහ කළත් එය අසා­ර්ථක විය. උපුල් තරංග පන්දු 22කින් ලකුණු 30ක්, ඉසුරු උදාන පන්දු 10කින් ලකුණු 21ක් රැස් කළහ. පන්දු යැවී­මේදී ටීනෝ බෙස්ට් කඩුලු 4ක් සහ ඩ්වේන් ස්මිත් කඩුලු 2ක් දවා ගත්හ.

දිනේෂ් රාම්දින් පන්දු 22කින් වේග­වත් ලකුණු 50ක් සහ නායක බ්‍රයන් ලාරා ලකුණු 41ක් කොදෙව් ඉනිමට එක් කළෝය. තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගය ඊයේ රාත්‍රියේ රායි­පූ­ර්හි­දීම පැවැ­ත්වී­මට නිය­මිතය.

Share.

Comments are closed.

Exit mobile version