15 වැනි ආදරවන්තයින්ගෙ මහා ක්‍රිකට් තරඟයෙන් රිච්මන්ඩ් විද්‍යාලය පරදවා ලකුණු 116 ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් මහින්ද විද්‍යාල කණ්ඩායම ජය හිමි කර ගත්හ. සාජා හි DCS ක්‍රිකට් පිටියේ පැවති පළමු XI T20 තරගයේදී මෙම ජයග්‍රහණය හිමි විය. වාර්ෂිකව මෙම ආදි ශිෂ්‍යයින්ගේ ක්‍රිකට් තරඟාවලිය පැවැත් වේ.

තරගයේ වීරයා ලෙස කනිෂ්ක පියුමාල් නම් කෙරිණි. ඔහු පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය. පළමු  XI T20 තරඟයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ මහින්ද කණ්ඩායම ඔවුන්ගේ පන්දුවාර 20 තුළදී ලකුණු 190/9ක් ලබා ගැනීමට සමත් විය. නමිත් ගිම්සර පන්දු 35කදී ලකුණු 59ක් රැස්කරමින් තරගයේ දක්ෂතම පිතිකරුවා බවට පත්වූවේය.

රජිත් ගුරුගේ හොඳම පන්දු යවන්නා බවට පත්විය.
සුරේෂ් දිල්හාන් (2/31) සහ ඩිලාන් මහදුර (2/26) ද ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.

රිච්මන්ඩ් කණ්ඩායම ඕවර 14.1කදී ලකුණු 74කට බිඳ වැටුණි.

කනිෂ්ක පියුමාල් (2/7), සංජුල ෂෙහාන් (2/4), සහ තිළිණ සාගර (2/2) පෙරමුණ ගත්හ.
පන්දුව, කුෂාන් පුංචිහේවගේ (1/12) සහ සහිත් හිමතර (1/25) අගනා සහයෝගයක් ලබා දුන්හ.

1st XI T20 මහින්ද පිල – 190/9 (පන්දුවාර 20.0)

● නමිත් ගිම්සර – 59 (35) (තරගයේ හොඳම පිතිකරු)
● කණිෂ්ක පියුමාල් – 34 (23) (තරගයේ වීරයා)
● අජිත් සූරියආරච්චිගේ – 18* (7)
● රවීන් මේනක – 17 (12)
● රජිත් ගුරුගේ – 3/31 (තරගයේ හොඳම පන්දු යවන්නා)
● සුරේෂ් දිල්හාන් – 2/31
● ඩිලාන් මහදුර – 2/26

Richmondites UAE – 74/10 (පන්දුවාර 14.1)
● ඉරුෂා ක්‍රිෂුල් – 14 (14)
● ඩිලාන් මහදුර – 11 (19)
● කණිෂ්ක පියුමාල් – 2/7
● සංජුල ෂෙහාන් – 2/4
● තිළිණ සාගර – 2/2
● කුෂාන් පුංචිහේවගේ – 1/12
● සහිත් හිමතර – 1/25

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි සිසුන්ගේ සංගමයේ සභාපති ශිරන්ත මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තරඟාවලිය ඇරඹිණි.

1 වන XI T20 තරඟයේ ජයග්‍රහණයත් සමඟ, මහින්ද පිල ඔවුන්ගේ 2 වන XI කණ්ඩායම ද ජයග්‍රහණය තහවුරු කර ගත්හ

Share.

Comments are closed.

Exit mobile version