Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හිටපු පොලිස්පති දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින්න කොළඹින් නීතිඥවරු රැසක් මාතරට
Sri Lankan news

හිටපු පොලිස්පති දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින්න කොළඹින් නීතිඥවරු රැසක් මාතරට

adminBy adminMarch 19, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇත.

ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් වී අදට දින 19ක් ගතව ඇති පසුබිමක දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙලෙස අධිකරණයට පැමිණ තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට කොළඹ සිට ජනාධිපති නීතිඥවරු ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු මහතාගේ නඩුව අද දහවල් 02.00 ට විභාගයට ගැනීමට නියමිත බවත් සඳහන්‍ ය.

මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේ දී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය පෙරේදා (17) රුපියල් 150,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කලේය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර සිටියහ.

එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කලේය.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉකුත් 17 වනදා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාග කරමින් සඳහන් කළේ ‘ඔහු සාමාන්‍ය පුරවැසියෙකු නොවන බවත්, රටේ පොලිස්පතිවරයා බවයි. එවන් පුද්ගලයෙකු නීතියට පටහැනිව කටයුතු කිරීම දැඩි දෝෂසහිත බවයි’.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරා දින 19ක කාලයක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 15ක් දේශබන්දු ව සොයා රට පුරා මෙහෙයුම් දියත් විය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්
Next Article ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින්ගෙන් රජයට එරෙහිව පෙත්සමක්
admin
  • Website

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.