Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට මාලිමා රජයෙන් පියවර
Sri Lankan news

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට මාලිමා රජයෙන් පියවර

adminBy adminMarch 20, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වැදගත්කමක් ඇති ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා පෙර පැවැති රජයන් උනන්දුවක් දැක්වූයේ නැත. මේ නිසා මෙම වරායේ සංවර්ධන කටයුතු දිනෙන් දිනම කල්ගත විය. නව රජයේ දැක්මට අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දා වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා හා සිරියාවේ , ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි මහතා සමග සිදුවුණි.

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සහ එය ස්වාභාවික වරායක් වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව දීර්ඝව එහිදී සාකච්ඡා සිදුවූ අතර අනාගත සංවර්ධනය සඳහා තමන් ද එක්වීමට සූදානම් බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී කොළඹ වරායේ බහාලුම් හැසිරවීම පිළිබඳව ද සාකච්ඡා සිදුවූ අතර, මෙම ක්ෂේත්‍රයේ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින් හඳුන්වාදීමට කැමති බවද එහිදී මෙම සිරියානු නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කරන ලදී.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ නව Drydock ( ඩ්‍රයිඩොක් හෙවත් මුහුදු ජලාශ්‍රිත නොවූ රට අභ්‍යන්තරයේ වරායක්) සංවර්ධනය සඳහා ද සැලසුම් මේ වන විටත් සකස් කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුදු ගමන් මධ්‍යස්ථානයක් (Maritime hub) බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කය බවත් ය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා ඊද් අල් ෆිතර් නිවාඩු දින තහවුරු කරයි
Next Article ජපානයෙන් ආනයනය කල වාහන මිල පහලට
admin
  • Website

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.