Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හීත්‍රෝ ගුවන් තොටුපළ වැසීමෙන් ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගු වෙයි
Sri Lankan news

හීත්‍රෝ ගුවන් තොටුපළ වැසීමෙන් ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගු වෙයි

adminBy adminMarch 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වාර 2ක්ද අවලංගු කිරීමට සිදුව තිබේ.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසා සිටියේ, අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවය.

බලපෑමට ලක් වූ මගීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවත් හීත්‍රෝ ගුවන්තොටුපොළෙහි ඇති වී තිබෙන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

තවද හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“වැඩිදුර සහාය ලබාගැනීම සඳහා කරුණාකර 1979 (ශ්‍රී ලංකාව තුළ), +94117 77 1979 (ජාත්‍යන්තර) හෝ +94744 44 1979 (WhatsApp chat) ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවා පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හෝ ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලය හෝ සංචාරක නියෝජිතයා අමතන ලෙස ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් ඔබට සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින අතර ඔබගේ ඉවසීම සහ අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් අපගේ අවංක ස්තූතිය පලකර සිටින්නෙමු” යනුවෙනි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ පවුල් ඉලක්ක කරමින්  “පවුලේ වෛද්‍යවරයා” සංකල්පය රජයෙන් ඇරඹෙයි
Next Article 2025 අයවැය වැඩි ඡන්ද  114 කින් සම්මතයි
admin
  • Website

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.