ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලය හා ඩුබායි හි වෙසෙන ලාංකික මුස්ලිම් ප්‍රජාව ඒකාබද්ධව සංවිධානය කල රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවය පසුගියදා පැවැත් විණි. මෙම උත්සවය පැවැත්වුණේ ඩුබායි කොන්සල් ජනරාල් පරිශ්‍රයේදීය. රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැමිණ සිටි පිරිස වෙනුවෙන් සූදානම් කර තිබුණි.

මෙම අවස්ථාව සඳහා ආගමික සහයෝගීතාව පෙන්නුම් කරමින් අනෙකුත් ආගම් නියෝජනය කරන ලාංකිකයන් රැසක් එක්ව සිටීම විශේෂත්වයකි. එමීර් රාජ්‍යයේ සිටින විවිධ ලාංකේය වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා එක් වූහ.

Share.

Comments are closed.

Exit mobile version