මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,600 ඉක්මවා ඇති අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ පුරෝකථනයන්ට අනුව එය 10,000 ඉක්මවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ. මධ්‍යම මියන්මාරයට පසුගියදා බලපෑ භූමිකම්පාවෙහි ප්‍රබලත්වය සටහන් වූයේ, රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙසයි.

එහි අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ එරට ඊසාන දිග සගයින් නගරයේ සිට කිලෝමීටර 16ක් උතුරු දෙසිනි. ප්‍රධාන භූකම්පනයෙන් පසු තවත් ප්‍රබල පසුකම්පන 6කින් එරටට බලපෑම් එල්ල වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම තත්ත්වය හමුවේ තායිලන්තයේ, බැංකොක් අගනුවර පුද්ගලයින් නව දෙනෙකු මියගිය බව සඳහන්වේ.

මියන්මාරයේ මූලික තක්සේරුවලට අනුව, භූමිකම්පාවෙන් අවම වශයෙන් ගොඩනැගිලි 2,900 ක්, මාර්ග 30 ක් සහ පාලම් හතකට හානි සිදුව ඇත.

Share.

Comments are closed.

Exit mobile version