අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ ප්‍රාන්ත 50 තුල ස්ථාන 1,200කදී ඊයේ (05) දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පවත්වා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවන බවට එම විරෝධතාකරුවන් සිය විරෝධතා මගින් පෙන්වා දී ඇත.
විරෝධතාකරුවන් පවසා ඇත්තේ අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවය.
එසේම අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගන්නා බවත් එම විරෝධතාවට එක්වූවන් චෝදනා කර තිබේ.