Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රාජ්‍ය ආයතන වලට රජයෙන් නියෝගයක්
Sri Lankan news

රාජ්‍ය ආයතන වලට රජයෙන් නියෝගයක්

adminBy adminApril 6, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වේ

සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී – ආර් සංකල්පයට” අනුගත වීම සඳහා එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ. බොහෝ රාජ්‍ය ආයතන නාගරික ප්‍රදේශ කේන්ද්‍රගතව පිහිටා ඇති අතර එම ආයතන වෙත දෛනිකව පැමිණෙන විශාල ප්‍රමාණයක් හෝ රාජ්‍ය සේවකයින් හරහා නිර්මාණය වන අපද්‍රව්‍ය පාලනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහිදී රාජකාරී කටයුතු තුලදී හැකිතාක් දුරට කඩදාසි භාවිතය අවම කිරීම, තනි භාවිත ප්ලාස්ටික් භාවිතය අධෛර්යමත් කිරීම සහ පරිසර හිතකාමී විකල්ප භාවිතය මගින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පෙන්වා දෙයි.

අපද්‍රව්‍ය නිසි පරිදි එක්රැස්කිරීම සහ බැහැරකිරීම පිළිබඳව සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම පිළිබඳව ද අදාළ චක්‍රලේඛය මගින් දැනුවත් කර තිබේ.

මෙම චක්‍රලේඛය බලාත්මක දින සිට මාස 6ක කාලසීමාවක් ඇතුළත ස්වකීය ආයතන සදහා විධිමත් කසල කළමනාකරණ සැලැස්මක් සංවර්ධනය කර ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසන් කර මෝදි යලි ඉන්දියාවට
Next Article ගිම්හානය කාලයේ ඩුබායි හි ආකර්ෂණීය ස්ථාන කිහිපයක් තාවකාලිකව වසා දැමේ
admin
  • Website

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.