ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයිය හැකි ඩිජිටල් යන්ත්‍රයක් ‘මාස් හෝල්ඩින්ස්’ ආයතනය හදුන්වා දී තිබේ.
එම යන්ත්‍රයට යොමුකරන බෝතලයක් සඳහා එම අවස්ථාවේම රුපියලක මුදලක් යොමු කරන්නාට හිමි වේ. මෙරට ජනතාව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට උනන්දුකිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන ‘ට්‍රෑෂ් 2 කෑෂ්’ (TRASH2CASH) ලෙස නම් කර ඇති අතර මෙම යන්ත්‍රය රත්මලාන මාස් ඉන්ටිමේට් පරිශ්‍රය ඉදිරිපිට ස්ථාපිත කර තිබේ.
එම යන්ත්‍රයට අදාල පුද්ගලයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර පාවිච්චි කර අවසන් හිස් ප්ලාස්ටික් බෝතල් හෝ වෙනත් ප්ලාස්ටික් බෝතල් ඇතුළත් කළ පසු හිමිවන මුදල් ප්‍රමාණය කෙටි පණිවුඩයක් ලෙස එම අවස්ථාවේදීම දුරකථනයට ලැබේ.