මේ වසරේ ජූනි මස මුල් භාග­යට යෙදී ඇති හජ් උත්ස­වය වෙනු­වෙන් මක්කම වන්ද­නාවට (උම්රා) විශාල බැති­ම­තුන් පිරි­සක් පැමි­ණීම පාල­නය කිරීම සඳහා රට­වල් 14කට වීසා බල­පත් නිකුත් කිරීම තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සෞදි රජය තීර­ණය කර ඇත. හජ් වන්දනා සමය අව­සන් වන­තුරු බල­පැවැ­ත්වෙන පරිදි උම්රා, ව්‍යාපා­රික සහ පවුල් වීසා බල­පත්‍ර අත්හි­ටු­වී­මට එරට රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. සෞදි අරාබිය වීසා ලබා­ගැ­නීමේ අව­සන් දිනය මේ මස 13 වැනි­දා­යින් නිමා­වට පත් කරන බව සඳහන් ය.

තාව­කා­ලික තහ­න­මට ලක්වී ඇති රට­වල් අතර ඉන්දි­යාව, බංග්ලා­දේ­ශය, පාකි­ස්තා­නය, ඇල්ජී­රි­යාව, ඊජි­ප්තුව, ඉති­යෝ­පි­යාව, ඉන්දු­නී­සි­යාව, ඉරාකය, ජෝර්දා­නය, මොරො­ක්කෝව, නයි­ජී­රි­යාව, සුඩා­නය, යේම­නය සහ ටියු­නී­සි­යාව ඇතු­ළත් වී තිබේ.

Share.

Comments are closed.

Exit mobile version