බැංකු පොලිය මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද නැවත බැංකු මගින් ඉල්ලුම් කිරීමේදී ‘ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (TIN) අනිවාර්යය කර තිබෙන බැවින්, මේ දිනවල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් එම අංකය ලබා ගැනීමට දිනකට දෙදහසකට අධික පිරිසක් පැමිණෙන බව වාර්තා වේ.
මේ නිසා මේ දිනවල එම කාර්යාලවල දැඩි තදබදයක් පවතින බවද පැවැසේ. රුපියල් ලක්ෂ 18 කට වඩා අඩු ආදායමක් ලබන පිරිසගේ බැංකු පොලිය මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද නැවත බැංකුවලින් ඉල්ලා සිටීමේ හැකියාව පවතින අතර, ඒ සඳහා ඉල්ලුම් කිරීමේ ලිපිය සමග ටින් අංකය තිබීම අනිවාර්යය කර තිබේ. බැංකු පොලිය මත රඳවා ගැනීමේ බදු ලෙස 10% ඉකුත් අප්‍රේල් මස 01 වැනිදා සිට අය කෙරේ.