Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නීතීවිරෝධි කොටු කැපීමේ සූදුවට හසු වෙන්න එපා –  ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අවවාදයක්
Sri Lankan news

නීතීවිරෝධි කොටු කැපීමේ සූදුවට හසු වෙන්න එපා –  ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අවවාදයක්

adminBy adminApril 11, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදිනු ලබන මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහී අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින් විසින් නීති විරෝධී ලෙස කොටු කැපීම නැමැති සූදුවක් ක්‍රියාත්මක කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි.

මෙම නීති විරෝධී සූදුවට මේ වන විට සැලකිය යුතු මහජනතාවක් සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සිදු කරන ලද වැටලීම් වලින් අත්අඩංගුවට ගත් මෙම නීති විරෝධී සූදුව ක්‍රියාත්මක කරන පුද්ගලයින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයන්ට අධිකරණය විසින් දණ්ඩයන් පනවා ඇත.

එවැනි නීති විරෝධී සූදු පොලක් පවත්වාගෙන ගොස් තිබූ මැදගම ,මීගහවගුර ප්‍රදේශවේ පදිංචි කේ.එම් අජිත් බණ්ඩාර නැමැත්තෙකුට එරෙහිව සූදු සෙල්ලම් පොළක් කළමනාකරණය කිරීම යන චෝදනාව යටතේ බිබිල මහේත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ අංක 59967 දරන නඩුව විභාග කල ගරු අධිකරණය එම පුද්ගලයාට මාස 10 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත. ඉන් මාස දෙකක් සක්‍රීය සිරදඬුවමක් වන අතර ඉතිරි මාස 08 අත්හිටවූ සිර දඬුවම් වෙයි.

එවැනිම චෝදනාවක් යටතේ මැදගම ,මියනකඳුර ,කොටබෝව පාර ,02 කණුව පදිංචි ජේ.ජී. මංගල ප්‍රසාද් දමිත් කුමාර නැමැත්තෙකුට එරෙහිව සූදු සෙල්ලම් පොළක් කළමනාකරණය කිරීම යන චෝදනාව යටතේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණය ගොනු කර තිබූ අංක 59968 දරන නඩුව විභාග කල අධිකරණය එම පුද්ගලයාට මාස 10 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.එයින් මාස 02 ක් සක්‍රීය සිරදඬුවමක් වන අතර ඉතිරි මාස 08 අත්හිටවූ සිර දඬුවම් වේ.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට හඳුනාගෙන ඇති එවැනි නීති විරෝධී ලොතරැයි සූදු පොලවල් පවත්වා ගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම පිණිස අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැන්වීමට පියවර ගෙන ඇති අතර මෙම නීති විරෝධී සූදුවට සම්බන්ධ නොවන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජාතික ලොතරැයි මණ්ඩලය අලෙවි කරන ටිකට්පත් වලින් ලැබෙන ආදායමින් 20% ක් පමණ මුදලක් ලොතරැයී අලෙවි කරන අලෙවි ජාලයේ නියුතු බෙදාහරින්නන් ,නියෝජිතයින් සහ අලෙවිකරුවන්ට ලබාදෙන අතර එමගින් පවුල් 20000 කට අධික ප්‍රමාණයක් ජිවනෝපාය සලසා ගනි.ලොතරැයි අලෙවි ආදායමින් 50% ට වැඩි ප්‍රමාණයක් තෑගි සඳහා වෙන් වන අතර ඉතිරි මුදලින් රටේ පොදු මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මහා භාණ්ඩාගාරය වෙත මුදල් සපයා දෙනු ලැබෙයි.ඊට අමතරව දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට බදු ආදායම ලබා දීමද සිදු කරනු ලැබේ.මණ්ඩලයේ සේවයේ නියුක්ත නිලධාරීන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් ගෙවීම් කරනුයේ ඉතිරි මුදලිනි.

ඒ අනුව ලොතරැයියක් මිලදී ගන්නා ජනතාව රටේ සංවර්ධනයට සහ පුරවැසියන්ගේ ජීවනෝපායට විශාල දායකත්වයක් සපයන අතර ජාතික ලොතරැයි මණ්ඩලය පොදු මහජන අභිලාශය වෙනුවෙන් ඊට අදාළ සේවාව ඉටු කරනු ලැබේ.

කොටු කැපීමේ සූදුවේ නිරත පුද්ගලයින් විසින් එවැනි කිසිදු මහජන සේවාවක් ඉටු නොකරන අතර ඔවුන්ගේ එකම ඉලක්කය වනුයේ නීති විරෝධී ලෙස මහජනයාගේ මුදල් එකතු කිරීම පමණි.එවැනි තත්ත්වයක් යටතේ මෙම නීති විරෝධී ක්‍රියාමාර්ගයේ හවුල්කරුවෙකු නොවන ලෙස මහජනතාවගෙන් ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාස්පෝට් ගන්න අයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Next Article දේශබන්දුට ඇප
admin
  • Website

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.