PMI යනු රටක ආර්ථිකයේ සේවා හා නිෂ්පාදන අංශයේ අනාගත ක්‍රියාකාරකම් පිළිබදව අනාවැකි පළ කිරීම සදහා භාවිතා කරන වැදගත් ආර්ථික දර්ශකයකි. රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණයක් සිදු වන විට මෙම P.M.I. අගය ඉහළ යයි.
ශ්‍රී ලංකා මහ බැංකුව, 2015 වසරේ සිට මාසිකව P.M.I අගය ගණනය කරනු ලබයි. ඒ අනුව, වසර හතරකට පසුව පසුගිය මාර්තු මාසයේ දී P.M.I දර්ශකය ඉහළම අගය වාර්තා කර තිබේ.
P.M.I දර්ශකයේ මර්තු මාසයේ අගය 63.9% කි.
උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන්, නිෂ්පාදනයේ සිදු වී තිබෙන වර්ධනය දර්ශකයේ අගය මෙසේ ඉහළ යාමට බලපා ඇත.