Ocean Lanka Cargo සහ KP Group සමාදරයෙන් ඉදිරිපත් කරන කෝකිල මංගල්‍යය අප්‍රේල් 27 වනදා දවස පුරා ඩුබායි Zabeel Park ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

අවුරුදු කුමරා කුමරිය තේරීම, විවිධ ඇඳුම් තරඟය, බනිස් කෑම, කොට්ට පොර, කනා මුට්ටිය බිඳීම, කඹ ඇදීම ඇතුළු අවුරුදු ක්‍රීඩා රැසකට ශ්‍රී ලාංකික ජනතාවට සහභාගී විය හැක. උදෑසන 9.00 සිට උළෙල ආරම්භ වේ.මේ සඳහා එදා මෙදා තුර දිවයිනේ ජනාදරය දිනාගත් කලාකරුවන් වන රන්ජන් රාමනායක, සුරාජ් මාපා,ලවන් අභිෂේක්, පේශල මනෝජ්, ධනංජය සිරිවර්ධන, සංජනා ගමාරච්චි,මිශෙල් දිල්හාරා ඇතුළු තවත් කලා තරු රැසක් එදින ඔබ හමු වනු ඇත.

අවුරුදු උළෙලින් අනතුරුව එදින සවස Flash Back සංගීතයට, මේශාන් දිසානායක ප්‍රමුඛ නර්තන රිද්මයන් සමඟ දිවයිනේ ජනප්‍රිය ගායන තරු රැසක් සහභාගී වන දැවැන්ත සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ව තිබේ. රාත්‍රි 11.00 දක්වා ප්‍රසංගය පැවැත් වෙන අතර උළෙල සඳහා ප්‍රවේශ පත් මිල ඩිරාම් 60 ක් වේ.

Share.

Comments are closed.

Exit mobile version