ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට  මිල ගණන් කැඳවා ඇත.

එම වාහන අතරට BMW මෝටර් රථ දෙකක්ද, Ford Everest වර්ගයේ ජීප් රථ දෙකක්, මිට්සුබිසි මොන්ටෙරෝ රථයක්, නිසාන් වර්ගයේ මෝටර් රථ පහක් සහ වී 8 රථ හයක්ද ඇතුලත් වේ.

ජනාධිපති කාර්යාලයේ වාහන පහළොවක් මීට පෙරද වෙන්දේසි කෙරිණ. රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගකීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම වාහන මෙසේ විකිණීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Share.

Comments are closed.

Exit mobile version