රටවල් 140 කට අධික සංඛ්‍යාවක ධාවකයන් පිළිගැනීම සඳහා ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ සහාය ඇතිව මැද පෙරදිග පැරණිතම ජාත්‍යන්තර මාර්ග ධාවන තරඟය වන ඩුබායි මැරතන් 2026 වසරේ පෙබරවාරි 1 වන දින පැවැත්වීමට නියමිතය. මෙම තරඟයේ 25 වන අදියර සඳහා නිල වශයෙන් ලියාපදිංචිය මේ වන විට විවෘත කර ඇත. එහි රිදී ජුබිලි සංවත්සරය සමරමින්, මැදපෙරදිග විශාලම ජාත්‍යන්තර මාර්ග ධාවන තරඟය වන සුවිශේෂී ක්‍රියාකාරකම් රැසක් සමඟ නවමු ලෙස පැවැත්වීමට සූදානම් වේ.

ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ අඛණ්ඩ සහයෝගය යටතේ පැවැත්වෙන මෙම තරඟය ලොව පුරා සිටින ප්‍රභූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ධාවන ලෝලීන් ආකර්ෂණය කර ගනී. රටවල් 140 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වය අපේක්ෂාවෙන්, මෙම ඉසව්ව ඩුබායි හි ක්‍රීඩා දින දර්ශනයේ ප්‍රධාන ඉසව්වක් ලෙස ක්‍රියාත්මක වේ.

පසුගිය වසර 25 තුළ, මෙම ඉසව්ව සෑම වසරකම ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ආධුනික ධාවකයන් දහස් ගණනක් ආකර්ෂණය කර ගනිමින් ලෝකයේ හොඳම මැරතන් තරඟ දහයෙන් එකක් දක්වා වර්ධනය වී තිබේ.

සම්පූර්ණ කිලෝමීටර 42.195 මැරතන් තරගයට අමතරව, 2026 වසරේ වාරය සඳහා කිලෝමීටර 10 ක මාර්ග ධාවන තරඟයකින් සහ කිලෝමීටර 4 ක විනෝද ධාවන තරඟයකින් සමන්විත වේ. සියලුම මට්ටමේ ධාවකයින් සඳහා ලියාපදිංචිය දැන් නිල වෙබ් අඩවිය හරහා විවෘතය. www.dubaimarathon.org.

Share.

Comments are closed.

Exit mobile version