මාර්තු මාසය අවසන් වෙන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (30) පැවැති IMF තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡවකට එක් වෙමිනි. 

පුරෝකථනයන් අනුව එම නිල විදේශ සංචිත ලබන වසර වෙන විට බිලියන 07 ඉක්මවන බව ඔහු පවසා සිටියේය. ඒ අනුව IMF වැඩසටහන සාර්ථකව ඉදිරියට යන බව ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version