ඉන්දු – පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ ඇති බැවින් එවැනි තත්ත්වයකදී ඒ දෙරටෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට බාධා මතු වීමෙන් දිවයිනට ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල විය හැකි බවට ආර්ථික විද්‍යාඥයෝ බිය පළ කරති.

ඉන්දුස් ජල ගිවිසුම ඒක පාර්ශ්වයට අත්හිටු වීමට ඉන්දියාව ගත් තීරණය හේතුවෙන් පාකිස්ථානයේ කෘෂි අස්වනු අඩු වුවහොත් ලංකාවට පාකිස්ථානයෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ඒම අසීරු වීමට ඉඩ ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

සහල්, අර්තාපල්, ලොකු ලුනු, පරිප්පු, සුදු ළූණු, සූදුරු, මාදුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වන අතර යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එම භාණ්ඩ ගෙන්වීමට බාධා ඇති වෙන බව ද ඔවුහු කියති.

වසර 2023 දී පමණක් ඩොලර් බිලියන 3.19 ක් වටිනා භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ඇති අතර එයින් ඩොලර් මිලියන 365.13 ක් වැය කර තිබෙන්නේ සීනි හා රසකැවිලි නිෂ්පාදනවලටය. ඊට අමතරව ඖෂධ නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 282.76 ක් ද වැය කර තිබේ.

මේ අතර 2024 දී ඩොලර් මිලියන 456.51 ක වටිනාකමකින් යුත් භාණ්ඩ පාකිස්ථානයෙන් දිවයිනට ආනයනය කර ඇති අතර, ඒ අතර විවිධ එළවළු වර්ග ද ඇතුළත්ය.

Share.

Comments are closed.

Exit mobile version