මාලදිවයිනේ ක්‍රියාත්මක කරනු ලබන වනවගා ව්‍යාපෘතියක් සඳහා මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පාරිසරික සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට ප්‍රදානයක් ලෙස ඒකදේශීය නොවන ශාක 1000ක් මාලදිවයින රාජ්‍ය වෙත ප්‍රදානය කිරීම සිදු විය.
ඒ අනුව මීට අදාළව සංකේතාත්මකව ශාක කිහිපයක් පිරිනැමීම පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (08) සිදුකෙරිණ.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියට අදාළව ඒකදේශීය නොවන ශාක කිහිපයක් සංකේතාත්මකව මෙරට මාලදිවයින් තානාපති කාර්යාලයේ මහකොමසාරිස් Masood Imad මහතා වෙත ප්‍රදානය කළේය.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශයේ නිළධාරීන් ද සහභාගී විය.