Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

‘Make it in the Emirates’ හි 4 වන සංස්කරණය මැයි 19 වන දින දියත් කෙරේ

May 10, 2025

එමීර් රාජ්‍යය, ඇමරිකාව සහ ජර්මනිය අභිබවමින් Open Data Report හි ගෝලීය වශයෙන් 10 වන ස්ථානයට

May 10, 2025

එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජාතික වෙසක් සතිය අද සිට
Sri Lankan news

ජාතික වෙසක් සතිය අද සිට

kumudikaBy kumudikaMay 10, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16 වනදා දක්වා පැවැත්වේ.

එමෙන්ම මෙයට සමගාමීව රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද සිට ආරම්භ වීමට නියමිතය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කරනු ලබයි.

“කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

මීට සමගාමීව නුවරඑළිය, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය ඒකාබද්ධව ආරම්භ කළ තායිලන්තයේ මහා සංඝරත්නය බණ්ඩාරවෙළ සිට නුවරඑළිය දක්වා ‘සියම් ලංකා ධර්ම යාත්‍රා’ වැඩසටහනෙහි දෙවැනි අදියර අද නුවරඑළිය නගරයෙන්  අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම මෙම කාලසීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිමනොවූ විහාර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට ද නියමිතව තිබේ.

මේ අතර වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබෙන බව ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවිකිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම් දී තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticlePrimark දැන් ඩුබායි රාජ්‍යයටත් පැමිණෙයි
Next Article සයිබර් ආරක්ෂාව ගැන වඩාත් සැළකිලිමත් වන්න – ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් දැනුම් දීමක්
kumudika

Related Posts

‘Make it in the Emirates’ හි 4 වන සංස්කරණය මැයි 19 වන දින දියත් කෙරේ

May 10, 2025

එමීර් රාජ්‍යය, ඇමරිකාව සහ ජර්මනිය අභිබවමින් Open Data Report හි ගෝලීය වශයෙන් 10 වන ස්ථානයට

May 10, 2025

එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.