සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධානවලට සයිබර් ආරක්ෂණ සුපරීක්ෂාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පුර්ව ආරක්ෂණ පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය (CERT)දැනුම් දීමක් කර ඇත.
දකුණු ආසියානු කලාපයේ පවතින වර්තමාන තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.
අලුත්ම වාර්තාවන්ට මෙම උපදේශනය පූර්වාරක්ෂාව සදහාවූ පියවරක් ලෙස නිකුත් කර ඇති අතර මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට කිසිදු සෘජු තර්ජනයක් නොපවතින බවත් මෙරට ඩිජිටල් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාශීලීව සහ අවදියෙන් සිටීම අත්‍යවශ්‍ය බව සර්ට් ආයතනය තවදුරටත් සදහන් කරයි.
එසේම තාක්ෂණික සහාය සඳහා හෝ සිදුවීම් වාර්තා කිරීමට, පහත සදහන් සබදතා භාවිතාකරන මෙන් ඉල්ලා ඇත.
Sri Lanka CERT – ක්ෂණික දුරකථන අංකය 101 / incidents@cert.gov.lk