Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ

May 12, 2025

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි
Sri Lankan news

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

kumudikaBy kumudikaMay 12, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර ඇත්තේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමිනි.

කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම වෙසක් තොරණ, පහන් කූඩු හා දන්සැල් වැනි ආමිස පූජා ද අද දිනයේ සංවිධාන කර ඇත. බුදුවී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංචමහා විලෝකනයන් විමසීමෙන් පසු අද වැනි වෙසක් පුරපසළොස්වක පෝහෝ දිනක දඹදිව ලුම්බිණි සල් උයනේදී උපත ලැබීය.

සත් පියුම් මතින් සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරුන් තමා තුන්ලෝකාග්‍රවන බවට එහිදී සීහ නාද පැවැත්විය.

ඉක්බිති සතර පෙරනිමිති දැක ගිහි ගෙයින් නික්මගිය සිදුහත් බෝසතානන් වහන්සේ බුද්ධ ගයාවේ ඇසතුමහා රුක් සෙවණේ භාවනාවට සමවැදුණේ සියලු සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අදහස පෙරදැරිවය.

එහිදී උන්වහන්සේ සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනයක සම්බුද්ධත්වයට පත් විය.
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බැවින් අප්‍රමාදව කුසල් දහම්හි යෙදෙන්නැයි සිය අවසන් බුද්ධ වචනය දේශනා කළ  බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයණේදී අනුපදිශේෂ පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාලහ.

වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසීන්ට ශාසනික සංස්කෘතික හා සාමාජීය වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයකි.
බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි.

එහිදී උන්වහන්සේ මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අතර අනතුරුව සුමන සමන් දෙව් රජුන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුණේ සිරිපා සලකුණු තැබුවේ ද අද වැනි උතුම් දිනකය. මෙරට ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක් වන විජය රජු ඇතුළු සත් සීයක් පිරිස සිරිලකට පැමිණෙන්නේ ද වෙසක් පුන් පොහෝ දිනයක බව වංශ කතාවල සඳහන් විය.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කරන තෙල් කෝටාව අඩු කරමින් විශේෂ චක්‍රලේඛයක්
Next Article Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි
kumudika

Related Posts

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කරන තෙල් කෝටාව අඩු කරමින් විශේෂ චක්‍රලේඛයක්

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.