වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය මඟින් පියවර ගෙන තිබේ. ඒ අනුව ඇණවුම් කළ පළමු ලුණු තොගය අද (14) දිවයිනට ළඟා වීමට නියමිතය.
වෙළෙඳපොළ තුළ මතුවූ ලුණු හිඟය හේතුවෙන් මේ පියවර ගත් බව ලංකා ලුණු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුවීමට හේතුව වී ඇත්තේ ලුණු හිඟය ඇති වූ අවස්ථාවේදීම ලුණු ආනයනය කිරීම ප්රමාද වීම හේතුවෙන් බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමඟ ලුණු හිඟය පාලනය වනු ඇති බව හෙතෙම කියා සිටියේය. මේ වන විට ඇතැම් කූට වෙළෙන්දෝ කැට ලුණු කිලෝග්රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 450ත් – 500ත් අතර මිලකට අලෙවි කරමින් සිටිති.